![]() ![]() |
||
මාත් ගැහැනියක් මටත් ආදරය ඕනෑරැවුලක් සහිත හර්නාම් චන්ද්‍රයාගේ ආවාට දැකිය හැකි වෙතත් කාන්තාවගේ මුහුණ ‘සිසිවන උවන’ ලෙස සඳුට සමාන කිරීම සාමාන්‍යයෙන් කවියන් යොදාගනු ලබන උපමාවකි. එහෙත් එම උපමාව 23 හැවිරිදි සික් ජාතික හර්නාම් කෝර්ට යොදා ගත හැකි ද?
“රැවුලක් තිබුණට මා සියලුම කාන්තා ගතිගුණ හා හැසිරීම්වලින් යුක්තයි. රැවුල නිසා මගේ ස්ත්‍රි ගතිගුණ තව තවත් කැපී පෙනෙනවා වගේම මා තුළ දැඩි ආත්ම ශක්තියක් ඇති කරනවා” යැයි ඇය පවසයි. “පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම්” නම් වූ සෞඛ්‍යමය ආබාධය නිසා හර්නාම් මෙවැනි ඉරණමකට පත්වී ඇති අතර එම තත්ත්වය නිසා පාසලේ දී මෙන්ම සමාජයේ දී ද අපමණ කරදර හා හිරිහැරවලට තමාට මුහුණ දීමට සිදුවූ බවත් ඇය පැවසුවාය. “වෙනකක් තියා මට මරණීය තර්ජනත් ආවා” යැයි හර්නාම් වැඩිදුරටත් පැවසුවාය. වයස අවුරුදු 11 දී පමණ ඇයගේ මුහුණ පුරා කෙස් වැවෙන්නට පටන් ගත් අතර එය සිරුර පුරා පැතිරෙන්නට වූ බව ද ඇය පවසන්නීය. “මම මේ රැවුල කපන්න නම් කිසිදාක සූදානම් නෑ. දෙවියන් විසින් මාව මේ විධියට හදා තිබෙනවා නම් එය පිළිගැනීම මගේ යුතුකමයි” පවසන ඇය මෙම ආබාධය නිසා කලකට පෙර සියදිවි හානි කරගැනීමට පවා තමාට සිතුණු බවත් පැවසුවාය. “මම කාන්තාවක් ලෙස අඳිනවා පලඳිනවා, ගවුම, සාය, රන් අබරණ පාවිච්චි කරනවා. සාප්පුවකට ගියාම කාන්තාවන් සඳහා තිබෙන ප්‍රදේශයට කිසිඳු චකිතයක් නැතිව මම යනවා” ඒ කෙසේ වෙතත් “මමත් ගැහැනියක්, මටත් ආදරය අවශ්‍යයි. කවදා හෝ මගේ මේ තත්ත්වය වටහාගෙන මාව පිළිගතහොත් මම ඔහු සමඟ විවාහ වෙනවා.” යි පැවසු ඇය එම දිනය එනතුරු මඟ බලා සිටින්නීය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |