![]() ![]() |
||
Architect 2014 ඇමැති අතින් ඇරේ
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය විසින් සංවිධානය කරන ලද ‘Architect 2014’ කර්මාන්ත සහ වෙළෙඳ ප්‍රදර්ශනය 2014 ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අතින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවාකාරයෙන් විවෘත කෙරුණි. එය දේශීය වාස්තු විද්‍යාඥයින්ගේ දක්ෂතාවයන්ගේ දුලබ දැක්මක් සහ නවතම ගොඩනැඟිලි නිෂ්පාදිතයන්ගේ සහ උපාංගයන්ගේ ප්‍රදර්ශනයක් වේ. පසුගිය වසරේ දී වාස්තු විද්‍යාඥයින් 136 දෙනෙක් විසින් සිදුකළ නිර්මාණයන් මෙහි ඇතුළත් වූ අතර වෙළෙඳ පොළ තුළ දැනට පවතින ගොඩනැඟිලි උපාංගයන් ප්‍රදර්ශනය කරනා වෙළෙඳ කුටි 296 ක් ද මෙහි ඇතුළත් ය. දේශීය වෙළෙඳපොළ සඳහා ප්‍රථම වරට හඳුන්වාදෙනු ලබනා නිෂ්පාදනයන් ද මෙහි අන්තර්ගත විය. එසේ ම මොරටුව විශ්ව විද්‍යාලයේ සහ City School of Architecture හි සිසු සිසුවියන්ගේ කුසලතාව ප්‍රදර්ශනය කරනා ප්‍රදර්ශන කුටි දෙකකින් ද සමන්විත විය. ඒ වාස්තු විද්‍යාව වෘත්තියක් ලෙසින් සිදු කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට එම ආයතන දෙකෙහිම සිසුන් මුණ ගැසීමේ අවස්ථාව ලැබිණි. තොරතුරු සැපයීමේ මධ්‍යස්ථානය ප්‍රදර්ශනයෙහි කැපී පෙනෙන අංගයක් විය. මෙහිදී සහභාගිවන්නන් හට වාස්තු විද්‍යාව සහ එහි වැදගත්කම පිළිබඳව තොරතුරු දැනගැනීමේ හැකියාව ලැබිණි. වාස්තු විද්‍යාව වෘත්තියක් ලෙසින් හැදෑරීමට කැමැත්තක් දක්වන තරුණ තරුණියන් හට මෙය සම්පත්දායක කේන්ද්‍රස්ථානයක් වේ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු webmanager@lakehouse.lk |