![]() ![]() |
||
ආර්ථිකයේ බැරෝ මීටරය ඉදිකිරීම් ක්ෂේත්‍රයයි
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ 32 වන වාර්ෂික සැසිවාරය වන Architect 2014 හි සමාරම්භක උලෙළ පසුගිය 19 වනදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගි වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු අනෙකුත් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු සභිකයින්, රාජ්‍ය නිලධාරීන්, ජාතික සමුළුවේ කීර්තිමත් දේශකයින්, වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ සාමාජිකයන්, ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ සහභාගිත්වයෙනි. මෙම අවස්ථාවේදී පිළිගැනීමේ දේශනය සිදු කරමින්, යුදමය තත්ත්වයන්ගෙන් පිරී තිබූ රට එක්සේසත් කිරීම සම්බන්ධයෙන් ජනපතිට ස්තුතිවන්ත වූ ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ මහාචාර්ය චිත්‍රා වෙඩික්කාර පවසා සිටියේ “බොහෝ දෙනා දන්නවා ආර්ථිකයේ බැරෝමීටරය වන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය බව යැයි කීවා ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ආචාර්ය ක්‍රිස් නොනිස් සහ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි වරලත් වාස්තු විද්‍යාඥ මහාචාර්ය ඇලන් පර්ට් මෙම විද්වත් සභාව ඇමතූහ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |