![]() ![]() |
||
නවලෝක කන්ස්ට්‍රක්ෂන්ස් සමාගමට ටාටා ටිපර් රථ 20ක්
නවලෝක කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම පසුගියදා සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු සමාගම (ඩීමෝ) වෙතින් ටාටා රථ 20ක් මිලදී ගනු ලැබීය. මෙම රථ ඔවුන්ගේ රථ බළඇණිය ශක්තිමත් කරමින් නව ව්‍යාපෘතීන් සහ දැනටමත් ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් හි කටයුතු පහසු කරන්නට යොදා ගනු ඇත. නවලෝක කන්ස්ට්‍රක්ෂන්ස් පුද්ගලික සමාගම පයිලින්, උස් ගොඩනැඟිලි සහ කර්මාන්තශාලා ගොඩනැඟිලි, භූමි සංවර්ධන සහ වාරිමාර්ග කටයුතු, මාර්ග සහ පාලම්, ජල සැපයුම් පද්ධති සහ ඔසවන ලද ජල ටැංකි ආදිය සම්බන්ධ කටයුතුවල යෙදී සිටී. මෙම මෝටර් රථ භාරදීෙම් උලෙළ නවලෝක කන්ස්ට්‍රක්ෂන්ස් පුද්ගලික සමාගමේ සභාපති ජයන්ත ධර්මදාස මහතා, ඩීමෝ හි සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිත ගේ මහතා, ඩීමෝ හි ප්‍රධාන විධායක නිලධාරි ගහනාත් පණ්ඩිතගේ මහතා, ටාටා අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි විජිත බණ්ඩාර මහතා, නවලෝක කන්ස්ට්‍රක්ෂන්ස් පුද්ගලික සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරි නිශාන්ත ප්‍රියන්ජිත් මහතා, ටාටා මෝටර්ස් සමාගමේ ශ්‍රී ලංකා කළමනාකාර රජීව් ජයිස්වාල් මහතා, ටාටා වෙළඳ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නලින්ද කුරුකුලසූරිය මහතා සහ නවලෝක කන්ස්ට්‍රක්ෂන්ස් පුද්ගලික සමාගමේ ගොඩනැඟිලි සේවා කළමනාකාර ගයාන් වඩිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය රථ අංගණයේ දී පැවැත්වුණි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |