කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 

හර්ෂණ ගුණසිංහ සුපිරි රන් සම්මානය දිනාගනිමින්

ශ්‍රී ලංකාවේ එකම දේශීය සිමෙන්ති නිෂ්පාදකයා ලෙසින් හොල්සිම් ලංකා සමාගම සිය කාර්ය මණ්ඩලයේ හැකියාවන් අගයමින් ‘සුපිරි සම්මාන උලෙළ’ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය. 2013 වසරේ දි ව්‍යාපාරයේ සංවර්ධනය වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියාකරමින් දායකත්වය සැපයූ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙනුවෙන් උපහාර පිදීම මෙහි ප්‍රධාන අරමුණ විය‍.

කාණ්ඩ 9 ක් යටතේ සම්මාන පිරිනැමුණු අතර ඒවා සුපිරි සම්මාන උත්සව රාත්‍රියේ තරුව, වැඩිම විකිණුම් වාර්තා කළ, විශිෂ්ටතම ප්‍රාදේශීය විකිණුම් කළමනාකරු, විශිෂ්ටතම ප්‍රාදේශීය අලෙවි නිලධාරී, විශිෂ්ටතම නව්‍ය අදහස් ක්ෂේත්‍රයේ තරුව සුරක්ෂිත සම්මානය, හරිත සම්මානය සහ විශේෂ කුසලතා සම්මානය යනුවෙන් වර්ග කර තිබිණි. සෑම කාණ්ඩයක් යටතේ ම සම්මාන පලිහක්, සහතිකයක් හා මුදල් ත්‍යාග ද පිරිනමන ලදී.

හොල්සිම් ලංකා සමාගම, සිය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් අතුරින් අයදුම්පත් කැඳවමින් ඒ ඔස්සේ ක්‍රියාත්මක වූ පටිපාටියක් යටතේ සම්මාන සඳහා නිර්දේශිත නාම තෝරා ගත් අතර එහිදී ඔවුන් නව්‍ය අදහස්, නායකත්වය, දැනුම හුවමාරු කර ගැනීම වැනි අංශ ඔස්සේ ව්‍යාපාරය වෙනුවෙන් දැක්වූ දායකත්වය සලකා බලමින් ඔවුන්ගේ සේවය පිළිබඳ අවධානය යොමු කරනු ලැබීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]