![]() ![]() |
||
බන්ධනාගාර පාසලක්අධ්යාපන අමාත්‍යාංශයත්, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍යාංශයත් එක්ව වටරැක ප්‍රදේශයේ ඉදිකරන ලද බන්ධනාගාර පාසල මේ මස 17 වන දින පෙරවරුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් විවෘත වීමට නියමිත ය. බන්ධනාගාර ගතව සිටින නිසි අධ්‍යාපනයක් ලැබිය යුතු පිරිස වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා උරුම කරදීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉදිවෙන පාසල ද මෙයයි. පියවර කිහිපයක් යටතේ ඉදිවෙන මෙම පාසලේ මුල් පියවර යටතේ අ.පො.ස (සා.පෙළ) අධ්‍යාපනය සඳහා 8,9,10 හා 11 පංති ආරම්භ වෙයි. එක පංතියකට ළමයිනු 30 බැගින් පංති 4 ක් 17 දා සිට ඉගැන්වීමේ කටයුතු ආරම්භ වෙයි. බන්ධනාගාර ගතවී වසර 3 ක් ඉදිරියට කාලය පවතින රැඳවියන් මේ සඳහා ඇතුළත් කෙරෙන අතර අවු. 18ට වැඩි හා අවුරුදු 50 අඩු වැඩිහිටි පිරිස් මෙම සා.පෙළ පංති සඳහා තෝරා ගැනේ. ඒ පිරිස බන්ධනාගාර ගත වීමට පෙර අවසානයට උගත් පංතිය අනුව පැවැත්වෙන සාමාන්‍ය පරීක්ෂණයකින් අනතුරුව පංතිවලට තෝරාගැනෙයි. මෙහි දෙවැනි අදියර යටතේ රැඳවියන්ට තොරතුරු තාක්ෂණ දැනුම, වෘත්තිය තාක්ෂණ දැනුම මෙන්ම විදේශීය භාෂා පුහුණුව ද ලබාදීමට නියමිත ය.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |