කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
කුර හා මුඛ රෝගයට එන්නත් ලක්ෂයක්

කුර හා මුඛ රෝගයට එන්නත් ලක්ෂයක්

මේ දිනවල පළාත් කිහිපයක පැතිර යන ගව සත්ත්ව කුර හා මුඛ රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය සත්ත්ව ප්‍රතිශක්තීකරණ එන්නත් ලක්ෂයක් කඩිනමින් නිෂ්පාදනය කිරීමට කටයුතු යොදා ඇති බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කුමාර සිල්වා මහතා කියයි.

ඉදිරි සති තුන ඇතුළත මෙම එන්නත් නිපදවා බෙදා හැරීමට කටයුතු කරන බවත්, මේ වන විට යාපනය, පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවල මෙම වසංගත තත්ත්වය පැතිරීම බොහෝ දුරට පාලනය කර ඇති බවත් තවදුරටත් සතුන් මැරීම සහ ප්‍රවාහනය සඳහා පනවා ඇති තහනමට ජනතාවගේ සහාය ලැබුණහොත් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට  හැකි වන බවත් ඔහු අව­ධා­ර­ණය කරයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]