![]() ![]() |
||
අපූරු අක්කලා නංගිලා
පිය උරුමයෙන්ම මේ තුන්දෙනාට ඒ තෑග්ග ලැබෙන්න ඇති.
ශේෂාද්‍රි පසුගිය දිනවල අපේ ප්‍රේක්ෂකයන් හමුවට ආවේ උදයකාන්ත වර්ණසූර්යගේ
“චැලෙන්ජර්ස්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමින්. ඩිනක්ෂි නම් වැඩියෙන්
දකින්නේ ටෙලි නාට්‍යවලින්. මේ තුන්දෙනා කලාවේ විවිධ ඉසව් සඳහා වැඩි කැමැත්තක් දක්වන
ආකාරය ගැන පසුගිය දවසක දිනේෂ් අපට කිව්වා. ශේෂාද්‍රි වැඩියෙන් කැමැති සිනමාවට. එයා
ටෙලි නාට්‍යවලට එච්චර කැමැත්තක් නෑ. හැබැයි මගේ වැඩිමල් දූ ඩිනක්ෂි වැඩියෙන් කැමැති
ටෙලි නාට්‍යවලට. එයා සිනමාව ගැන එච්චර
අපි අපේ දරුවන්ට බලකරන්නේ නෑ අහවල් එක කරන්න කියලා. ඒ අයට නිදහස දීලා තිබෙනවා කැමැති මාවත දිගේ ඉස්සරහට යන්න.
චරිත දෙකේම එකම නමඅපේ ප්‍රවීණ රංගන ශිල්පී ලක්ෂ්මන් මෙන්ඩිස් පසුගිය දිනවල චිත්‍රපට දෙකකට රංගනයෙන් එක්වූවා. එකක් සංජය ලීලාරත්න අධ්‍යක්ෂණය කළ ‘සෙල්වම්’ චිත්‍රපටය. අනෙක අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘නිකිණි වැස්ස’ චිත්‍රපටය. මේ චිත්‍රපට දෙකම ලක්ෂ්මන්ට ලැබී තිබෙන්නේ අහම්බෙන්. ’සෙල්වම්’ චිත්‍රපටයේ බේකරි මුදලාලිගේ චරිතය රඟපාන්න තෝරාගෙන ඇත්තේ ජයලත් මනෝරත්නය. එහෙත් ඔහුගේ දින ප්‍රශ්නයක් වූ බැවින් ඒ චරිතය ලක්ෂ්මන්ට ලැබී ඇත.
ඉදිරියටත් කැපවීමප්රවීණ සංගීතඥයකු වන ප්‍රේමදාස මුදුන්කොටුව මහතා පසුගිය අවදියේ සිය කාලය කැප කළේ ගෝලබාලයන් රැසකට සංගීත ඥානය ලබාදීම පිණිසය. ඔහුගෙන් සංගීතය උගත් විශාරදවරුන්, විශාරදවරියන් අද රට පුරා ව්‍යාප්තව සිටිනවා. පරපුරෙන් පරපුරට සංගීත ඥානය ලබා දෙන්නට ඔවුන් සියලු දෙනාම සිය කාලය කැප කරනවා. පුරා වසර ගණනාවක් තිස්සේ සංගීත ඥානය ලබා දුන්නා සේම ඉදිරියේදීත් සිය කාලය කැපවන්නේ දැයේ සුවහසක් දූ පුතුන් වෙනුවෙන් තමන් උගත් දේ ප්‍රදානය කිරීමට බව මුදුන්කොටුව මහතා ‘රසඳුනට’ පැවසුවා.
අයෝධ්‍ය ගේ ගීත වැඩිපුරම රිඟින් ටෝන් වලනව පරපුරේ ජනපි‍්‍රය ගීත රචකයකු වන අයෝධ්‍ය ප්‍රනාන්දු මේ දිනවල මෙරට සංගීත ක්ෂේත්‍රයේ කාර්ය බහුල පුද්ගලයෙක්. ඔහුගේ අලුත්ම තතු පිළිබඳ රසඳුනට කිව්වේ මේ විදියට. ”රොෂාන් ප්‍රනාන්දුගේ අලුත්ම ගීත ඇල්බමයට (සිහින සිත්තරාවි) වගේම, දමිත් අසංක, සතිෂ් පෙරේරා සහ සමින්ද ප්‍රනාන්දු ගේ ඇල්බම් වලටත් මම ගීත ලියනවා. හැබැයි අපේ ගායක ගායිකාවන් රිගින් ටෝන් සඳහාත් වැඩිපුර ගීත ගායනා කිරීමේ ප්‍රවණතාවක් ඇති නිසා මේ දිනවල වැඩිපුරම ගීත ලියන්න ලැබී තිබෙන්නේ රිගින් ටෝන්ස් සඳහායි.
ඕස්ට්‍රේලියාවේදී පටිගත වුණු කලිඳු සංගීතවත්කළ ගීය
මගෙන් වෙන්වී යන්න පළමුව එම ගී පද ගැයුණේ සුනිල් එදිරිසිංහයන් ගේ හඬිනි. ගීතය පටිගත කෙරුණේ ඕස්ට්‍රේලියාවේදීය. ගී පද රචනය රවි සිරිවර්ධනගෙන් වූ අතර තනුව සහ සංගීතය කලිඳු වීරසිංහ ගෙන්ය. කලිඳු ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහගේ දෙවැනි පුතාය. ඔහු පසුගිය දිනවල ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට පැමිණියා. ලංකාවේ සිටින කාලය ඇතුළත මගෙන් වෙන්වී ගීතයේ රූගත කිරීම් කර ප්‍රචාරයට බාර දීමටත් අලුත් ගීත කිහිපයක් කිරීමටත් බලාපොරොත්තු වන බව රසඳුනට පැවසුවා.
අයෝමි ෆේස්බුක් අවුලකජනපි්රය ටෙලි නාට්‍ය නිළි අයෝමි ශානිකා වෙබ් අඩවිවල පළවන තොරතුරු සම්බන්ධව පසුගිය දිනක රසඳුනට කතා කළා. ඇය එම ලිපියේදී සඳහන් කර ඇත්තේ ඇගේ Facebook පිළිබඳවයි. එම profile හි ඇගේ අසත්‍ය තොරතුරු සටහන් කරන අතර ඇය ලෙස පෙනී සිටිමින් ඇගේ මිතුරු මිතුරියන් හා අන්තර්ජාලය හරහා සම්බන්ධවන බවය. මෙවැනි ව්‍යාජ ලෙස හැසිරෙන්නවුන් හා අසත්‍ය ප්‍රචාර ගෙන යන්නවුන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතු බවත්ය. Facebook වෙබ් අඩවි යනුවෙන් පලවී තිබීමෙන් ඇය අපහසුතාවයකට පත්වූ බවක්ද පවසා සිටියා. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |