![]() ![]() |
||
පිච්චුවේ මොනවද?
එක් සඳුදාවක හවස ශාන්තිගේ සැමියාට හන්දියේදී චාන්දනී මුණ ගැසිණ. ’හරි වැඩේනෙ මිස්ටර් චන්ද්‍රසිරි වුණේ. ඊයෙ ශාන්තිව කුකරි ක්ලාස් එකෙන් එළියට දැම්මනෙ.’ චාන්දනී ඇස් නටවා කියමින් දිග කතාවකට මුල පිරුවාය. තම බිරිය ගේ තරාතිරම හොඳින් දත් චන්ද්‍රසිරි සිනාසී මෙසේ ඇසුවේය. ’ඇයි, ඊයෙ එයා මොනවද පිච්චුවේ?’ ’මුළු කුකරි ක්ලාස් එකම.’ චාන්දනී හැකි තරම් කට අරිමින් කීවාය.
මතක නැතිදේ’මට නිතරම ජාති තුනක් අමතක වෙනවා?’ ජයසිංහ දාබරේට කීවේ බාර් එකේ දී ය. ’මොනවද ඒ ජාති තුන?’ දාබරේ ඇසුවේ තම වීදුරුවට සෝඩා වත්කර ගනිමිනි. ’මට මුහුණු මතක නැති වෙනවා. එතකොට, නම් මතක නැති වෙනවා.’ ජයසිංහ කීවේය. ’මොකද්ද අනික් ජාතිය?’ දාබරේ ඇසීය. ’මට ඒක මතක නැහැ.’ ජයසිංහ කීවේය.
අවුට් කිරීමක්රිකට් වසන්ත සමයේ එක් ඉරිදාවක චමිලලා සහ රොෂාන් ලා දෙපිලකට බෙදී ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත්හ. මුලින්ම පන්දුවට පහර දීමට පැමිණියේ චමිලය. රොෂාන්ට පන්දු එවීම භාර විය. රොෂාන් එවූ පළමු වේගවත් පන්දුව හමුවේ චමිල වහා පහත් විය. නොඑසේ නම් එය ඔහුගේ හිසේ තදින් ගැටීමට ඉඩ තිබිණ. දෙවන පන්දුව චමිලගේ උරහිසේ නොගැටී පියඹා ගියේ යන්තමිනි. තුන්වන වේගවත් පන්දුවෙන් චමිල බේරුණේ ඉවතට පැනීමෙනි. ’ඒයි රොෂාන්, උඹ හදන්නෙ මාව මුළු ලෝකෙන් ම අවුට් කරන්නද?’ චමිල කෝපයෙන් ඇසීය.
දක්‍ෂතාවයේ රහසවීරකෝන් ගේ බිරිය පිරිමියකු පරදවා දර පලන අපූරුව කට ඇරගෙන බලා සිටි පියල් වීරකෝන්ට මෙසේ කීවේය. ’යකෝ වීරේ, උඹේ පවුල යකඩ ගෑනියෙක් නෙ බං. ඒකට අපේ ගෑනි! මහා සෝමාරි මළ හෝන්තුවක්. මේ වගෙ වැඩක් කරනවා තියා හිතන්ඩවත් ඒ ගෑනිට බැහැ. ඈ බං කොහොමද එයා දර පැලිල්ල ඔය තරම් දක්‍ෂ විදියට කරන්නෙ?’ ’ඒක පොඩි රහසක් බං. මම හැම දර කොටේකම අල්ලපු ගෙදර ධම්මිකාගෙ නම ලිව්වා. එච්චරයි.’ වීරකෝන් සිනාසෙමින් කීවේය.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |