![]() ![]() |
||||||||||||||||||||||||
මා දුටු අපූරු දෙයක්මම උදෑසන අවදි වී නිවසේ දොර හැර එළියට ආවෙමි. එවිට එක්වරම මා දුටුවේ නිවසේ ඉදිරිපස උළුවස්ස අසල ගැවසෙන කහපාට කුඩා ඉගිළෙන සතෙකි. මම බිය වී තාත්තාට කතා කළෙමි. තාත්තා සමඟ ගොස් බලනා විට දුටුවේ මැටිවලින් සාදා ඇති රන්කුඹලාගේ නිවසයි. එය ඉතා අලංකාර ලෙස මැටිවලින් සාදා තිබුණි. මම මගේ නංගිලාටද අම්මාටද කතා කොට එය පෙන්නුවෙමි. රන් කුඹලා වැනි කුඩා සතෙක් මෙම නිවස සෑදීමට කොපමණ උත්සාහයක් ගන්නට ඇත්දැයි මට සිතුනි. උගේ උත්සාහය දැක සතුටු වූ මමත් ජීවිතය ඉදිරියට ගෙන යෑමේදී තව තවත් උත්සාහවන්ත වීමට කුඹලාගෙන් ආදර්ශයක් ලබා ගනිමි.
ඩබ්ලිව්. ඉනේෂි දිමන්තිකා 8 ශ්‍රේණිය 6, බාලිකා විද්‍යාලය, කෑගල්ල.
පිය සෙනෙහස
දස මසක් කුසතුළ මා නොදැරුවට
අතපුරා කරගැට එන තුරාවට
ඉෂාරා මධුමාලි 11 ශ්‍රේණිය ‘බී’, දෙහිඕවිට ජාතික පාසල, දෙහිඕවිට.
කෙතරම් ලස්සනද මේ උදෑසන
තුරු හිස් මතින් වැටී ඇති ළාහිරු රැස් මා ගත සනසයි. පක්ෂීන්ගේ ඉමක් කොනක් නැති මියුරු ගී නදින් මුළු පරිසරයම ගීතවත් වෙයි. මල්වල ඉමිහිරි සුවඳට මී මැස්සෝ හා සමනලයෝ ඇදී එති. සිසිල් මදනල මා ගත සිප ගනියි. වන මලින් ගඟ දෙපස ඉතා අලංකාර වී ඇත. මල් පෙතිවලින් සැරසුණු ජල තලය රැළි නගන්නේ රටා අඳින ලද නිල් සළුවක් මෙනි. සොබාදහම විසින් දායාද කරන ලද මෙම විසිතුරු දසුන් දැක දවස ඇරැඹීමට ලැබීම කෙතරම් වාසනාවක් දැයි මට සිතෙයි.
කාලිංග ගිහාන් පෙරේරා, 6 ශ්‍රේණිය - ‘ඊ’, කෑගලු මහා විද්‍යාලයය, කෑගල්ල. වෙල අයිනේ නාන ළිඳ
පුංචි ඇළේ පුංචි මාළු හොඳට නටනවා
කොක් හාමී වෙල අයිනේ සිල් අරන් වගේ
හැන්දැ වෙලා අර අහසේ ඉර බැස යනවා
උපුලි කුසුම්පිරිය හෙට්ටිආරච්චි 7 ශ්‍රේණිය ‘බී’, විජයවර්ධන මහා විද්‍යාලය, කිරිවත්තුඩුව.
ගුරාමියාමම පීනන්න හරිම දක්ෂයි. මගේ නම නිල් ගුරාමියා. මගේ වර්ගයේ අය ගොඩක් ඉන්නවා. ඒ අයගේ නම් සුදු ගුරාමියා සහ ඩෝග් ගුරාමියා යි. මා ගෙවල්වල ඇති කරනවා. මට සෙල්ලම් කරන්න යාළුවන් ගොඩක් ඉන්නවා. මම කන්නේ මාළු කෑම, බත්, දිය සෙවෙල්. නමුත් මම වැඩියෙන්ම කැමති පොඩි මාළු කන්නයි. මට මීට වඩා ලොකු ටැංකියක ඉන්න තියනව නම් මම ගොඩක් කැමතියි.
චමුද් යසිරු ජයසූරිය 4 ශ්‍රේණිය, මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලය, සිද්ධමුල්ල – පිළියන්දල.
මල් පොකුරක් අතට පුදමි...
මා බිහිවුණු දා පටන්ම – ආදර සෙනෙහස ඉතිරුණු
ලේ කිරි වුණි මා හින්දා - දෙනෙත් වල කඳුළු නැගිණි
අදට වසර දාහතරක් – කිසිම දුකක් මට නොදිලා
ආදර මගේ සුදු අම්මා - හැමදා මම ණය ගැතිවෙමි
එල්.ඒ. නිපුනි ශෂිකලා 9 ශ්‍රේණිය ‘ඊ’ ෆර්ගසන් උසස් විදුහල රත්නපුර
රතට රතේ ජම්බු ගහේමගේ නම ජම්බු. මම පලතුරු ගසකි. මම ඉන්නේ ගෙවත්තේ. මගේ අතුවල ගෙඩි හැදුණාම රතු පාට මල් වගේ. මගේ ගෙඩිකෑමට පාට පාට කුරුල්ලන් සහ ලේනුන් එනවා. උන් දඟලනකොට ගෙඩි සේරම බිම වැටෙනවා. මගේ ගෙඩි කෑමට පුංචි ළමයින් හරි ආසයි. පුංචි ඔබත් ජම්බු ගසක් සිටුවීමට උනන්දු වන්න.
සජිනි ප්‍රසන්සා 3 ශ්‍රේණිය, හුන්නෙලෙම්බුව ක.වි., සුනන්දපුර
මල් සුවඳ හමන උදෑසනේ
කුරුලු රෑන් ඇදෙනවා
සුරංගි ශම්මි නිමන්තිකා 7 ශ්‍රේණිය, ශ්‍රී සාරාලංකාර ම.වි., වැල්මිල්ල.
මුළුතැන්ගෙයි පොඩි කතා බහක්
මිරිස්ගල (කුරක්කන් ගල දෙස බලා) ආ... යාළුවේ සුබ උදෑසනක්. කුරක්කන් ගල - සුබ උදෑසනක් යාළුටත්. මිරිස් ගල - (කෑගසි) ඈ... ඈයියා. කුරක්කන් ගල - (කලබලයෙන්) ඇයි යාළු මොකද වුණේ? මිරිස්ගල - කැරපොත්තොයි මකුළුවොයි ඇඟ පුරාම දුවනවා. කුරක්කන් ගල - එහෙම තමයි යාළු දැන් ලෝකයට තාක්ෂණ ඇවිදින්නෙ. දැන් අපිව මතක නෑ. මේ මිනිස්සුන්ට. අපි දැන් ගෙයි මුල්ලේ. මිරිස්ගල - ඒක නම් හැබෑව යාළු දැන් මිනිස්සු අපි දිහා බලන්නෙත් නැහැ. කුරක්කන් ගල - ඉස්සර නම් මගුල් ගෙයක්, මල ගෙයක්, පිංකම් ගෙයක් තිබුණොත් අපිව හොයාගෙන එනවා. මගෙන් තමයි කුරක්කන් ටික, මුං ඇට ටික, හාල් ටික එහෙමත් අඹර ගන්නේ. මිරිස්ගල - ඒක නම් ඇත්ත. දැන් කාලෙ අපි මොකටද? විදුලිය තියෙනවා. මැෂින් තියෙනවා. බොත්තම එබුව ගමන් ඇඹරෙනවා. ඒක නිසානේ දැන් ඉන්න අම්මලාට ලෙඩ හැදිලා තියෙන්නෙ. අපෙන් වැඩ ගත්ත නිසානෙ ඉස්සර ආච්චිලා සීයලා හොඳට නිරෝගීව හිටියෙත්. කුරක්කන් ගල - තව ටික කාලයකින් අපට මේ මුල්ලේ වත් ඉන්න ලැබෙයි ද දන්නෙ නැහැ. මිරිස් ගල - ඒක නම් ඇත්ත යාළු තව ටික කාලෙකින් අපිත් කටු ගෙයි තමයි. කුරක්කන් ගල - එතකොට අපේ පොඩි ළමයින්ට එහෙම අප බලන්න එන්න වෙන්නේ කටුගෙට. මිරිස්ගල - ඕවා ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. සියලු දේ හොඳින් හෝ නරකින් හෝ සිද්ධ වේවි. කුරක්කන් ගල - ඔය යන්ත්‍ර සූත්‍ර කැඩිලා විදුලිය නැති වුණු දාට මිනිස්සු අපිව හොයාගෙන ඒවි. එතකොට තමයි එයාලට අපේ අගය වැටහෙන්නේ.
හිරුදිණි කුමාරි විජේතිලක, 6 ශ්‍රේණිය, මායින්නොලුව ම.වි., වරකාපොල.
ලේන් පැටියාමිදුලේ ලේන් පැටියෙක් වැටිලා හිටියා. මා ඒ පැටියා ගෙදරට ගෙන කිරි ටිකක් හදලා පෙව්වා. උගේ අම්මා ආවේ නැහැ. දවසක් ලේන් පැටවා ඇඬුවා. එවිට එයාගෙ අම්මා ආවා. ජනේලය උඩට වෙලා බලාගෙන සිටියා. මා ලේන් පැටියා මිදුලේ ගිහින් තිබ්බා. ලේන් අම්මා ඇවිත් පැටවා අරගෙන ගියා. මට හරි සතුටුයි.
චලින දිසිවර වෙදආරච්චි 2 ශ්‍රේණිය ‘සී’ ඕල්කට් කනිටු විදුහල, මාතර.
ඉඩෝරයයි වැවයි...
මිණි මුතුවැල් දිලෙනා සේ වැවේ වතුර දිලෙනවා
දරු පැටියෙකු බිහිවන්නේ මවකගෙ කුස ඇතුලෙන්නේ
ඩබ්ලිව්.ඒ. සදනි ශෂිකලා 10 ශ්‍රේණිය, මාකලන්දාව ආ.ක.වි., වලල්ලාවිට.
හම්බන්තොට සූරියවැව ජාතික පාසලේ බෞද්ධ සංගමය මඟින් සංවිධානය කළ මවුපිය ගුණ උපහාර වැඩසටහනේ දී ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බුලත්හුරුළු දී මවුපිය වන්දනා කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
|
||||||||||||||||||||||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |