කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
Astrology - සතියේ කල දසාව

ශ. ව. 1933 ක්වූ මිථුන රවි 19 භාග ඇසළ මස පුර දියවක තිථිය ලත් ජුලි 03 වැනි ඉරිදා සිට 09 වැනි ශනිදා දක්වා

මැණික් වාසනා මතු කැරෙන කාලයකි. උත්සාහයෙන් කරන කටයුතු වල නියම ඵල ලැබෙනු ඇත. පෙම් සබඳතා වර්ධනය වෙයි. අවිවාහක අයට මංගල යෝග උදා වෙයි. බොහෝ දුරට හිතට ගෙන කටයුතු කිරීම හෝ ආඩම්බර ස්වරූපයක් අන් අයට පෙන්වීමට උත්සාහ දරයි.

ජය අංකය - 4

දුර ප්‍රදේශයක සංචාරයකට ඉඩ යෙදේ. නව මිතුරු ඇසුරක් නිසා විවේකය අඩු වෙයි. වාහන ලාබයකට ඉඩ ඇත. ව්‍යාපාරික කටයුතුවල යෙදෙන අයට යහපත්ය. විදේශයක සිටින ඥාතියකුගේ උපකාර ලැබේ. චර්මගත රෝග ඇති වෙයි.

ජය අංකය - 6

අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට යහපත්ය. විදේශ රැකියා අපේක්ෂා කරන අයගේ අදහස් ඉටුවෙයි. වාහන ධාවනයේදී කල්පනාකාරී විය යුතුය. පි‍්‍රය සම්භාෂණයකට කැරෙන ඇරියුමක් නිසා සති අන්තය සතුටින් ගත වෙයි. මිශ්‍ර ඵල උදා කරයි.

ජය අංකය - 7

රෙදිපිළි කර්මාන්තයේ හෝ ඒ සම්බන්ධ වැඩ කටයුතුවල යෙදෙන අයට හා නෘත්‍ය ගීත හා කලා අංශවලින් සම්මාන හිමි වෙයි. ආරක්ෂක අංශ හා වෙළෙ හෙළෙදාම් කටයුතුවල නියුතු අයට සහන රැසක් අත් වෙයි. වන්දනා විනෝද චාරිකාවලට ඉඩ සැලැසේ.

ජය අංකය - 3

සහෝදරයකුට ඇතිවන බාධකයක් හෝ රෝග තත්ත්වයක් සඳහා වියදමක් දරන්නට සිදුවේ. තරග විභාගවලින් ජය අත්වෙයි. ගමන් බිමන්වලින් පරෙස්සම් විය යුතුය. වැටීම් තැලීම් ආදියට ඉඩ ඇත. විදුලි උපකරණ පාවිච්චි කිරීමේදී බුද්ධිමත් විය යුතු සතියකි. සෙම් රෝග වැඩි කරයි. චර්මගත පීඩනවලට ඉඩ ඇත.

ජය අංකය - 9

කාලයක සිට හිත වද දුන් අවුලක් සමනය වන අතර අමනාප වුණ අයකුගේ හදිසි වෙනස්වීම් සිතේ සතුටට හේතු වෙයි. දරුපල පිළිබඳ වාසනාව උදා කරයි. අනාගත අභිවෘද්ධියට සංවර්ධන වැඩ පිළිවෙළක් නව ආකාරයකට දියත් කර ගැනීමට හැකිය. මවු පාර්ශ්වයේ ඥාතියකුට ඇතිවන මානසික අවුලක් පිළිබඳ ආරංචියක් සති අන්තයේදී අසන්නට ලැබේ.

ජය අංකය - 6

සමාජ සේවා කටයුතුවලට වැඩිපුර නැඹුරු කැරෙන සතියකි. දරුවකුගේ හිතුවක්කාරකමක් නිසා සිත් පීඩා විඳින්නට සිදු වෙයි. ඉවසිලිවන්තව කටයුතු කළ යුතුය. ස්නායු ආබාධ හෘදයාබාධ වැලඳීමට ඉඩ ඇති හෙයින් කල්පනාකාරි විය යුතුය.

ජය අංකය - 9

සංචාරක ක්ෂේත්‍රයට අදාළ රැකියාවල නිරත අයට යහපත්ය. අවිවාහක අයට මංගල යෝග උදා වෙයි. පරම්පරාගත දේපළක උරුමය ලබා ගැනීමට අවකාශ සැලැසේ. සති අන්තයේ පි‍්‍රය සාදයකට ඇරැයුම් ලැබේ. මිශ්‍ර ඵල උදා කරයි.

ජය අංකය - 1

කාලයක සිට බලාපොරොත්තුවෙන් සිටි තනතුරු ලාබයක් හිමි වෙයි. රාජ්‍ය අංශයේ මෙන්ම ආරක්ෂක අංශවල නිරත අයට උසස්වීම් හිමි වෙයි. උත්සාහය හා කැපවීම නිසා ප්‍රධානීන්ගේ අවධානයට ලක්වෙයි. දරු පල ලාබයක් අත් වෙයි.

ජය අංකය - 2

ධන ලාබයක් අත් වෙයි. වාසනාව මතු කැරෙන සතියකි. දරුවකුගේ පිළිබඳ අනාගත සැලසුමක් සාර්ථක වෙයි. බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් පවුලේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගත හැක.

ජය අංකය - 4

කොටස් මුදල් යොදවා කරන ව්‍යාපාරයක් සාර්ථක වෙයි. කෘෂිකර්ම කටයුතුවල නිරත අය සාර්ථක ප්‍රතිඵල අත්කැර ගනී. ගමන් බිමන් අධික වෙයි. අනවශ්‍ය ලෙස මුදල් වැයවීමකට ඉඩ ඇත.

ජය අංකය - 6

විවේකයක් සඳහා දුර ප්‍රදේශයක සංචාරයකට යොමුවීම වැදගත්ය. ඇස්වල ආබාධ ඇති වෙයි. අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නන්ට යහපත්ය. තරග විභාග වලින් ජය අත්වෙයි. මිශ්‍ර ඵල උදා කරයි.

ජය අංකය - 5


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]