කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඉන්දියාවේ ඇපලෝ ටයර්ස්

ඉන්දියාවේ ඇපලෝ ටයර්ස්
අයිඩියල් මෝටර්ස් එක්වෙයි

ඇමෙරිකා ඩොලර් බිලියන 02 ක වත්කම් සහිත ඉන්දියාවේ විශාලතම ටයර් නිෂ්පාදන සමාගම වන ඇපලෝ ටයර්ස් ලිමිටඩ්, අයිඩියල් මෝටර්ස් සමාගම හා එක්ව ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට ප්‍රවිශ්ට විය.

අයිඩියල් මෝටර්ස් යනු ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන රථ වාහන අලෙවි ක්‍ෂේත්‍රයේ නියමුවෙකු වන අතර එය වාහන එකලස් කිරීම සහ දිවයින පුරා පිහිටි අලෙවිසැල් ජාලයක් සහිතව රථවාහන අමතර කොටස් බෙදා හැරීම යන ක්ෂේත්‍රවල නියැළී සිටියි. මෙම නව ඇපලෝ ටයර් අලෙවි ව්‍යාපරය සඳහා “අයිඩියල් වීල්ස් ඇන්ඩ් ටයර්ස්” නමින් නව සමාගමක් ආරම්භ කර ඇත.

ආරම්භයේදී මගී ප්‍රවාහන වාහන, ට්‍රක් රථ සහ සැහැල්ලු ට්‍රක් රථ සඳහා අවශ්‍ය ක්‍රොස් ෆ්ලයි ටයර් අලෙවිය සඳහා යොමු වනු ඇත. ඉදිරියේදි ඉන්දියාවේ දැනට ඇපලෝ සමාගම මගින් අලෙවි කරන ට්‍රක් රථ, බස් රථ, කෘෂිකාර්මික වාහන සහ මහා මාර්ග වලින් පිටත ධාවනය වන රථ සඳහා යොදා ගන්නා සියලු ටයර් අලෙවියට කටයුතු යොදා තිබේ.

අයිඩියල් මෝටර්ස් සමාගමේ සභාපති නලින් වෙල්ගම මහතා මෙසේ පැවසීය. ඉදිරි මුල්‍ය වර්ෂය තුළ අපගේ සමූහ ව්‍යාපාරයේ ආදායම රුපියල් බිලියන 12 ක ඉලක්කයක් කරා ගෙන යාමට අපි කටයුතු කරමින් සිටිමු. ඉන්දියාවේ දැවැන්ත ටයර් නිෂ්පාදකයා වන ඇපලෝ ටයර් සමඟ එක්වීම අපට මෙම ඉලක්කය පහසුවෙන් පසුකර යාම සඳහා හැකි වනු ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]