කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
කොමර්ෂල් බැංකුව නැවතත් ශ්‍රී ලංකාවේ

කොමර්ෂල් බැංකුව නැවතත් ශ්‍රී ලංකාවේ
හොඳම වෙළෙඳ බැංකුව ලෙස නම් වෙයි

එංගලන්තයේ ‘ට්‍රේඩ් ෆිනෑන්ස්’ සඟරාව මඟින් නැවත වරක් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළෙඳ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම්කර ඇත.

ට්‍රේඩ් ෆිනෑන්ස් සඟරාව මඟින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම වෙළෙඳ බැංකුව ලෙස නම් කරන ලද දෙවන අවස්ථාව මෙය වේ.

කොමර්ෂල් බැංකුවේ ශක්තිමත් ඒජන්ත සහ නියෝජිත බැංකු ජාලයත්, ජාත්‍යන්තර වෙළෙඳ ක්‍ෂේත්‍රයේ බැංකුව සතු විශිෂ්ටත්වයත් මෙම සම්මානයෙන් පිදුම් ලැබීම සඳහා ඉවහල් වූ ප්‍රධාන සාධක විය. මෙම සම්මාන එක් එක් බැංකුවේ මෙහෙයුම් හැකියාව මත පදනම් කර ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]