කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
පැරෂුට් ඇඩ්වාන්ස්ඩ් කේශාලේපන තෙල් දැන් ශ්‍රී ලංකාවේ

පැරෂුට් ඇඩ්වාන්ස්ඩ් කේශාලේපන තෙල් දැන් ශ්‍රී ලංකාවේ

හිසකෙස්වලට ස්වභාවික පෝෂණයක් ලබා දෙමින් අප්‍රසන්න ගඳකින් හෝ ඇලෙන සුලු බවකින් තොරව මනා පෙනුමක් ලබාදෙන කේශාලේපනයක අවශ්‍යතාව සැපිරීමට නිෂ්පාදනය කළ පැරෂුට් ඇඩ්වාන්ස්ඩ් ජැස්මින් කේශාලේපන තෙල් අද ලොව පුරා රුවට සිටීමට කැමැති කාන්තාවන්ගේ ජනප්‍රියම තේරීමක්ව ඇත. පෝෂණ ගුණයෙන් සපිරි ස්වාභාවික පොල්තෙල් සාරයෙන් නිෂ්පාදනය කර ඇති එය හිසකෙස් රැකදෙමින් ආකර්ෂණීය සමන්පිච්ච සුවඳක් ද කෙස් කළඹට ලබා දෙයි. වෙනත් පොල්තෙල් සාරයෙන් නිෂ්පාදනය කළ කේශාලේපන තෙල් සහ පැරෂුට් ඇන්වාන්ස්ඩ් අතර ඇති ප්‍රධාන වෙනසක් වන්නේ එහි ඇති තුනී ස්වභාවයයි. මේ නිසා එය ගැල්වීමෙන් පසු හිසකෙස් මනාව හසුරුවා ගැනීමට පහසුවෙන් හැකි වේ.

දැන් ශ්‍රී ලංකාවේදී ද මිලදී ගත හැකි පැරෂුට් ඇඩ්වාන්ස්ඩ් කේශාලේපන තෙල් ඉන්දියාව, බංග්ලාදේශය, මැදපෙරදිග සහ මලයාසියාව ඇතුළු ලොව පුරා රටවල් 25කට වැඩි ප්‍රමාණයක ජනප්‍රියම තේරීමක් වී ඇත.

පැරෂුට් ඇඩ්වාන්ස්ඩ් කේශාලේපන තෙල් නිෂ්පාදනය සහ අලෙවිය සිදු කරන්නේ මැරිකෝ ලිමිටඩ් විසිනි. සමාගමේ වෙනත් ජනප්‍රිය නිෂ්පාදන අතර සෆෝලා, හෙයාර් ඇන්ඩ් කෙයාර්, නිහාර්, මෙඩිකර්, රිවයිව්, හෙයාර්කෝඩ්, ෆියන්සි, කයිවිල් සහ කෝඩ් 10 ප්‍රධාන තැනක් ගනී.

පැරෂුට් ඇඩ්වාන්ස්ඩ් කේශාලේපන තෙල් ශ්‍රීී ලංකාවට ගෙන්වා බෙදාහරිනු ලබන්නේ සිලෝන් ඇන්ඩ් ෆොරින් ට්‍රේඩ්ස් සමාගම විසිනි. එය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආනයන, අපනයන සහ නිෂ්පාදන සමාගමක් වන ඇඩම් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ සමාගමක් වේ. සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ බෙදාහරින අනෙකුත් නිෂ්පාදන අතර ජපානයේ අංක එකේ කෘමි නාශකය වන ඒ ආර් එස් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙට් වයිප් නිෂ්පාදනය වන ඇක්වාවයිප් ප්‍රමුඛ තැනක් ගනී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]