කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මන්චි කොතලහිඹුටු බිස්කට්

මන්චි කොතලහිඹුටු බිස්කට්

සිලෝන් බිස්කට් සමාගම් සභාපති මිනේක වික්‍රමසිංහ සහ කර්මාන්ත තාක්ෂණ ආයතනයේ සභාපති විජය කුමාර මහත්වරුන් ගිවිසුම හුවමාරු කරගනිද්දී

සිලෝන් බිස්කට්ස් සමාගම මන්චි කොතලහිඹුටු බිස්කට් වෙළෙඳපළට හඳුන්වා දෙයි.

වසර ගණනාවක සිට කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස කොතලහිඹුටු බිස්කට්ස් එසේ හඳුන්වා දෙයි. කොතලහිඹුටු ආශ්‍රයෙන් බිස්කට්ස් නිෂ්පාදනය කෙරෙන ලොව ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම සුවිශේෂී බිස්කට්ස් වර්ගය නිෂ්පාදනය කිරීම සඳහා සිලෝන් බිස්කට්ස් සමාගම 2004 වසරේදී කර්මාන්ත තාක්ෂණ ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් ඇති කරගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස කොතලහිඹුටු යොදාගෙන බිස්කට්ස් නිෂ්පාදනය කිරීමේ පර්යේෂණ ආරම්භ කරන ලදී. මෙම පර්යේෂණවල ප්‍රධානම විද්‍යාඥයා වූයේ එම ආයතනයේ ස්වභාවික නිෂ්පාදන අංශයේ ප්‍රධානී ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මහතායි.

කොතලහිඹුටු යොදාගෙන බිස්කට්ස් නිෂ්පාදනයේදී අභියෝග රැසකට මුහුණ දුන් බවත්, රසවත් සහ ප්‍රිය උපදවන බිස්කට්ස් නිපදවීම ප්‍රධානම අභියෝගය වූ බවත් ආචාර්ය ප්‍රේමකුමාර මහතා කියයි. දියවැඩියාව රෝගය ඇති පාරිභෝගික ජනතාව වෙනුවෙන් සුදුසු බිස්කට්ස් වර්ගයක් නිෂ්පාදනය කිරීමේ, සිලෝන් බිස්කට්ස් සමාගමේ සභාපති මිනේක වික්‍රමසිංහ මහතාගේ සිහිනය සැබෑ කරමින් මන්චි කොතලහිඹුටු බිස්කට් නිෂ්පාදනය කළ බව, එම සමාගමේ මන්චි වෙළෙඳ නාමය පිළිබඳ නියෝජ්‍ය අලෙවි සාමාන්‍යාධිකාරිනී තේජා පීරිස් මහත්මිය ප්‍රකාශ කළාය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]