කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
සිම්ලයින් දීර්ඝ සේවා තිළිණ ප්‍රදානය

ජාතික තත්ත්ව සම්මාන උලෙළේදී
සියැට් සමාගමට කුසලතා සම්මානයක්

ඉහළ ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වා ගැනීමට ගන්නා පියවර හේතුවෙන් සියැට් කැලණි සමාගම 2011 ජාතික තත්ත්ව සම්මාන උලෙළේ දී තවත් ගෞරවාන්විත සම්මානයක් දිනා ගත්තේය.

ව්‍යාපාර ආයතනවල විශිෂ්ට කාර්යය සාධනය ඇගයීම එම සම්මානයේ අරමුණ වේ. විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යංශයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සංවිධානය කළ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති සම්මාන උලෙළේ මහා පරිමාණ නිෂ්පාදන කාණ්ඩයේ කුසලතා සම්මානය සියැට් දිනා ගන්නා ලදී.

එම සම්මාන උලෙළේ දී මහා පරිමාණ නිෂ්පාදන කාණ්ඩයෙන් සම්මානයට පාත්‍ර වූ එකම ටයර් නිෂ්පාදකයා සියැට් සමාගම ය.

සියැට් ශ්‍රී ලංකා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී එන්.සී. වෙනුගෝපාල් මහතා පර්යේෂණ හා තාක්ෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය අතින් සම්මානය ලබාගත්තේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]