කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
වස විස නැති අලුත් පොහොරක්

වස විස නැති අලුත් පොහොරක්

වසරකට වියදම රුපියල් 200 යි

පරිසරයේ පවතින ස්වභාවික බැක්ටීරියා භාවිතයෙන් කාබනික පොහොර දියරයක් නිපදවීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් බණ්ඩාර මහතා ප්‍රමුඛ කෘෂි විද්‍යාඥයන් පිරිසක් සමත් වී සිටිති.

භෝග වර්ධනය සඳහා වැදගත් වන එන්.පී.කේ. හෙවත් නයිට්‍රජන්, පොස්පරස් සහ පොටෑසියම් පහසුවෙන් පරිසරයෙන් උරා ගැනීමට උපකාර වන ඇසටොබැක්ටර් ඇසටෝ ෆිරිල්ලම් බැසිලස් වර්ග සහ සියුඩ්මොනාස් සහිත දියර පොහොරක් ලෙස මේ තම සොයා ගැනීම ඉදිරිපත් කර ඇත. කුඹුරු අක්කරයක් සඳහා යොදන බැක්ටීරියා මිශ්‍රණයේ මිලිලීටර් 200 ක් සඳහා වැයවන්නේ රුපියල් 200/= ක පමණ මුදලකි


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]