කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
රජයේ ඉඩම් හොරට විකුණන ජාවාරමුන්ට දැඩි දඬුවම්

රජයේ ඉඩම් හොරට විකුණන ජාවාරමුන්ට දැඩි දඬුවම්

රජයේ ඉඩම් අයථා ලෙස පරිහරණය කරන අයට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

එම ඉඩම් සඳහා ව්‍යාජ ඔප්පු සකස් කැර අලෙවි කිරීමේ කුට ව්‍යාපාරයක් ඉතා රහසිගතව කාලයක් පුරා කැරගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

හෝටල් කර්මාන්තය සඳහා පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් එසේ අයථා ලෙස පරිහරණය කර ඇති බවත්,  ඇමැතිවරයා වැඩිදුරටත් කියයි. ඉහත ප්‍රදේශවල ඉඩම් මිලදී ගැනීමේදී ජනතාව වඩාත් සුපරික්ෂාකාරීව සොයා බලා කටයුතු කරන ලෙසත් මේ ජාවාරම මැඬ පැවැත්වීමට ඉදිරියේ දී රජයේ ඉඩම් සඳහා නොතාරිස් ඔප්පු අවලංගු කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා කියයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]