කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
මඩ දොස්තරගෙන් තවත් පල් වැඩක්

මඩ දොස්තරගෙන් තවත් පල් වැඩක්

විදෙස් රටවලට ගොස් ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කිරීම සඳහා බොරු කේලාම් කීම සම්බන්ධ කුප්‍රකට එ.ජා.ප. මන්ත්‍රීවරයෙක් ඉකුත් දා එක්තරා උත්සවයකට ගොස් ශ්‍රී ලංකාවට එරෙහිව මඩ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට ගත් උත්සාහයක් පිළිබඳව අනාවරණය වෙයි.

එකී මන්ත්‍රීවරයා පූජකතුමෙකු වෙත ගොස් කියා ඇත්තේ ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කඩකරන බව කියමින් විදේශ රටවලට සංදේශයක් ඉදිරිපත් කිරීමට සහාය දෙන ලෙසය. ඔහුගේ ඉල්ලීම එකහෙළා ප්‍රතික්ෂේප කළ පූජකතුමා පෙන්වා දී තිබෙන්නේ ශ්‍රී ලංකාවට අන්තර්ජාතික වශයෙන් සහාය ලැබිය යුතු මොහොතක රට පිළිබඳව කළු පැල්ලම් මතු කිරීම නුසුදුසු බවයි.

මේ එ.ජා.ප. මන්ත්‍රීවරයාගේ උත්සාහයට එ.ජා.ප.යේම තවත් ප්‍රබල මන්ත්‍රීවරයකු දැඩි විරෝධය පළ කොට ඇති බවත් දැනගන්නට ඇත. මේ සිද්ධියෙන් ලැජ්ජාවට පත්වූ එ.ජා.ප. මන්ත්‍රීවරයා කරකියා ගත හැකි දෙයක් නැතිව උත්සව ශාලාවෙන් පිටවී ගිය බවත් අනාවරණය වෙයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]