![]() ![]() |
||
මෘදුකාංග නිර්මාණයෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
ඇමෙරිකාවේ ඔරැකල් අධ්‍යාපන පදනම වාර්ෂිකව සංවිධානය කරන “තින්ක් ක්වෙස්ට්” මෘදුකාංග නිර්මාණය කිරීමේ තරගාවලියේ දී මේ සිසුන් සිවුදෙනා ඉදිරිපත් කළ යුද්ධයෙන් විනාශ වූ නගරයක් ගොඩනැංවීමේ පරිගණක ක්‍රීඩාව වෙනුවෙන් මේ ජයග්‍රහණය අත් කැරගෙන තිබේ. 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඉසුරු කුසුමාල් රාජපක්ෂ, උමේෂ් ප්‍රභූෂිත ජයසිංහ, සකුන්ත දේවක ගුණරත්න සහ විරාජ් කොඩිතුවක්කු යන මේ සිසුන් හතරදෙනා ලද ජයග්‍රහණය වෙනුවෙන් ඔවුනට ඇමෙරිකාවේ චාරිකාවක් ද පාසලට ඇමෙරිකන් ඩොලර් පන්දහසක් ද ජයග්‍රහණය ලැබූ ශිෂ්‍යයන් හතර දෙනාට ලැප්ටොප් යන්ත්‍රය බැගින් හිමිවීමට නියමිත බව නාලන්දා විදුහල්පති රංජිත් ජයසුන්දර මහතා සිළුමිණට පැවැසීය. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |