කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
කොළඹ පවුල් 56000 ක් දිවි නැඟුමෙන් පොහොසත් කෙරෙති

කොළඹ පවුල් 56000 ක් දිවි නැඟුමෙන් පොහොසත් කෙරෙති

කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත මේ වසරේදී ගෘහස්ථ ආර්ථික ඒකක 56000 කට ආසන්න ගණනක් ආරම්භ කරන බවත් එයින් පුද්ගලයන් ලක්ෂ දෙක හමාරකට පමණ සෙත සැලසෙන බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් එස්. හපුආරච්චි මහතා පවසයි. ඒ අනුව කෘෂිකර්ම සංවර්ධනය යටතේ පවුල් 45177 කට ද ජලජීවී හා සත්ත්ව පාලන ක්ෂේත්‍රයේ පවුල් 3890 කටද ග්‍රාමීය කර්මාන්ත යටතේ පවුල් 7633 කට සෙත සැලසෙන බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.

මේ වසරේදී කොළඹ දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය සඳහා රුපියල් දස ලක්ෂ 2035 ක් වෙන්කර තිබෙන බව ද දිස්ත්‍රික් ලේකම් වරයා පවසයි. ඒ යටතේ කිලෝ මීටර් 168 ක් ද මාර්ග පුළුල් කර කාපට් කරනු ලැබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]