කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
බැංකුවේ යුතුකම අවශ්‍ය මොහොතේ මහජනතාවට උපකාර කිරිමයි

බැංකුවේ යුතුකම අවශ්‍ය මොහොතේ මහජනතාවට උපකාර කිරිමයි

- ජනපති

මහජන බැංකුව බංකලොත් තත්ත්වයට වැටී ඇතැයි කියා එය විකුණා දැමිය යුතුය යන මතය යටපත් කොට නැවත ගොඩනඟන්නට හැකිවූ බවත් එය සතුටු විය හැකි කරුණක් බවත් බැංකුවේ 50 වැනි ජයග්‍රහණය සමරන මොහොතේ තවත් අවුරුදු 50ක අනාගතයක් වෙනුවෙන් ශක්තිමත් බැංකුවක් බවට පත්කරන්න කටයුතු කළ යුතු යයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කීය. ජනාධිපතිතුමා එසේ කියා සිටියේ මහජන බැංකුවේ 50 වැනි සමරුව නිමිත්තෙන් ගිය සිකුරාදා (1) අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවය අමතමිනි.

තවදුරටත් කතා කළ ජනාධිපතිතුමා මෙසේ කීය.

අපි කවුරුත් බැංකුවේ ඉතිහාසය සමඟ ලොකු බැඳීමක් තියනවා. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ යුගයේ ටී.බී.ඉලංගරත්න ඇමැතිතුමා තමයි මහජන බැංකුව පිහිටුවනු ලැබුවේ.

ලෝකයේ ආර්ථිකය කඩා වැටෙද්දී බැංකු කඩාවැටෙද්දී රැකීරක්ෂාවලින් මිනිස්සු දොට්ට දමද්දී බැංකුවල අද ඒ අය ආපසු ණය කෙසේ ගෙවන්නේ ද කියා මහා බලවත් රාජ්‍යවල නායකයින් සැකය පිළිබඳව ප්‍රකාශ නිකුත් කරද්දී අපි මේ තත්ත්වයට ගොඩනැඟෙන්නට ලැබීමත් විශාල ශක්තියක් වශයෙන් මම දකිනවා.

බැංකුවකට ගිහිල්ලා එහි තියෙන පෝරම කොළ ටික පුරවලා ණය ලබාගන්න කොට ඒ උවමනාව ඉවරවෙලා. මේ ගැන මට යම් යම් තැන්වලට ගියාම දැනගන්න ලැබුණේ ඒ විදියට.

ඒ නිසා මේ ගැන බැංකු ක්‍ෂේත්‍රයේ සභාපතිවරුන්ට අධ්‍යක්ෂවරුන්ට තමන්ගේ ජනතාවට අවශ්‍ය වේලාවට ණය ලබාදෙන්න පුලුවන් විය යුතුව තියෙනවා.

ඒ වගේම ගෙවා ගන්න බැරි වුනාම ඒ තියෙන දේපළ පවරා ගන්නවාට වඩා දුන් ණය පිළිබඳව මොන ආකාරයට ආයෝජනය කර ඔවුන්ට යා යුතු ගමන් මාර්ගය පිළිබඳව උපදෙස් දී අවශ්‍ය වැඩ කටයුතු කිරිම වැදගත් යැයි ජනාධිපතිතුමා සඳහන් කෙළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]