කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
වෛද්‍ය හෙක්ටර් වීරසිංහට මහ රෝහලෙන් උපහාර

වෛද්‍ය හෙක්ටර් වීරසිංහට මහ රෝහලෙන් උපහාර

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල්වරයා වශයෙන් පත් වී යාම නිමිත්තෙන් ඒ මහතාට සුබ පැතීමේ සමුදීමේ උත්සවයක් ඉකුත්දා ජාතික රෝහලේදී පැවැත්විණ.

ජාතික සේවා සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කැරුණු මේ උත්සවයට කොළඹ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්ය සහ ආචාර්ය වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරු ද හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය ද රෝහල් හෙද සහ අනිකුත් සේවා අංශවල සේවකයන් හා සුළු සේවකයන් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරිහු ද සහභාගි වූහ.

වෛද්‍ය වෘත්තියේ වසර තිස් හයක සේවා කාලයෙන් වසර එකොළහක් ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇති මේ ආදර්ශවත් වෛද්‍ය පරිපාලකවරයා ජාතික රෝහල දියුණු තත්ත්වයට ගෙන එමින් පරමාදර්ශී සේවාවක් සිදු කෙළේ ජාතික රෝහල තම ජීවිතයේ කොටසක් ලෙස සලකමිනි.

ඔහු මේ රෝහලට සිදු කළ සේවාව කොපමණදැයි ඔහුගේ සමුගැනීමේ උත්සවයට පෝලිම් ගැසී උපහාර තිළිණ සම්මාන තෑගි බෝග රැගෙන වෛද්‍යවරුන්ගේ සිට සුළු සේවකයා දක්වා විවිධ ශ්‍රේණී නියෝජනය කළ සේවක පිරිසෙන් තහවුරු විය.

එහිදී සේවකයෙකු ඒ මහතාට වැඳ නමස්කාර කරමින් තම ගෞරවය දැක්වූ අවස්ථාව. හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් ආරියවංශ මහතා ද මෙහි සිටී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]