කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

ගමේ ආර්ථිකය ඉහළ නැංවීමට මේ වසරේ රුපියල් මිලියන 16386 ක්

මේ වසර සඳහා මෙරට ග්‍රාමීය ආර්ථික සංවර්ධනයට රුපියල් මිලියන 16,386 ක මුදලක් වෙන් කොට තිබේ. ඒ යටතේ දේශීය ආර්ථිකයේ නවමු හා වේගවත් වර්ධනයකට මුල පිරෙනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

මුළු රටම ආවරණය වන පරිදි මාර්ග, විදුලිය, ජලය, කෘෂි, අධ්‍යාපන යනාදී සියලුම ක්ෂේත්‍ර නියෝජනය වන ලෙස දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් ඒ යටතේ ක්‍රියාත්මක කැරේ. මෙහිදී ගෘහ ආර්ථික ඒකක 1, 402, 300 ක් ඇති කිරීමට සැලසුම් කර ඇත.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදේශකත්වය හා මෙහෙයවීම මත මෙම මූල්‍ය ප්‍රතිපාදන මගින් රටේ ග්‍රාමිය ආර්ථිකය ඉහළ නැංවීම පිණිස දිවි නැගුම, ගම නැගුම, ළදරු පාසල් යන ක්ෂේත්‍ර ඔස්සේ ව්‍යාපෘති දස දහස් ගණනක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා ‘සිළුමිණ’ ට කීය. මේ අනුව 2011 වසරට දිවි නැ¼ගුම ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂයේ වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල රුපියල් දස ලක්ෂ 4400 කි. ගම නැඟුම යටතේ වෙන්කර ඇති මුදල රුපියල් දස ලක්ෂ 6600 කි. සමෘද්ධි වැඩසටහන සඳහා රුපියල් දස ලක්ෂ 3260 ක් ද දකුණු පළාත සංවර්ධනයට රුපියල් දස ලක්ෂ 300. 5 ක් ද වෙන් කර දී තිබේ. උඩරට සංවර්ධනයට ද රුපියල් දස ලක්ෂ 300.5 ක් ලබාදීමට පියවර ගෙන ඇත.

මීට අමතරව මතට තිත වැඩසටහන ද දීප ව්‍යාප්තව මෙහෙයවීමට රුපියල් දස ලක්ෂ 200 ක් ද ග්‍රාමීය ප්‍රදේශවල පෙර පාසල් ඉදිකිරීම හා පවත්වා ගෙන යාමට රුපියල් දස ලක්ෂ 200 ක් ද ලබාදීමට පියවර ගනිමින් පවතින බව රණවක මහතා පැවසීය.

දිවි නැඟුම යටතේ වෙන්කර ඇති මුදලින් වැඩිම ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ කෘෂිකාර්මික කටයුතු සඳහා ය. ඒ මුදල රු. දස ලක්ෂ 2640 කි. ධීවර හා සත්ව පාලන කටයුතු සඳහා රුපියල් දස ලක්ෂ 850 ක් ද ග්‍රාමීය කර්මාන්ත සංවර්ධනය සඳහා රුපියල් දස ලක්ෂ 880 ක් ද වෙන්කර තිබේ. ගම නැඟුම යටතේ වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ මාර්ග සංවර්ධනයටයි. ඒ මුදල රුපියල් දස ලක්ෂ 2640 කි. ඊට අමතරව සුළු වාරිමාර්ග කටයුතු සඳහා රුපියල් දස ලක්ෂ 1980 ක් ද ජල සැපයීම හා වැසිකිලි පහසුකම් සඳහා රුපියල් දස ලක්ෂ 1980 ක් ද වෙන්කර ඇතැයි අතිරේක ලේකම් රණවක මහතා පවසයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]