කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
e Print පහසුකම ඇති මුද්‍රණ යන්ත්‍ර වෙළෙඳ පළට

e Print පහසුකම ඇති මුද්‍රණ යන්ත්‍ර වෙළෙඳ පළට

e Print පහසුකම සහිත අන්තර්ජාලය හා ඍජුව සම්බන්ධය කළ හැකි පළමු මුද්‍රණ යන්ත්‍රය HP විසින් ශ්‍රී ලාංකික වෙළෙඳපළට හඳුන්වාදෙයි.

නව මුද්‍රණ යන්ත්‍ර මගින් පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරයන්ට ක්ෂණිකව සහ නිරවුල්ව ජනපි‍්‍රය වෙබ් අඩවිවල ඇති තොරතුරු ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිට මුද්‍රණය කර ලබාගැනීමේ හැකියාව ලැබේ.

රැහැන් රහිත මේ මුද්‍රණ යන්ත්‍රය මගින් ඕනෑම ස්ථානයක සිට ඕනෑම වේලාවක පෞද්ගලික මෘදුකාංග සහ e Print තාක්ෂණය මඟින් පහසුවෙන් මුද්‍රණය කිරීමේ හැකියාව ලබාගත හැකිය.

”මේ නව මුද්‍රණ ඉන්ත්‍ර මඟින් පාරිභෝගිකයාට e Print තාක්ෂණය උපයෝගී කරගනිමින් ඕනෑම මාදිලියක ජංගම උපකරණයක් මගින් ඉතා පහසුවෙන් මුද්‍රණය කිරීමේ අවකාශ ලබාදෙයි. මෙම රැහැන් රහිත තාක්ෂණය මඟින් ඊ මේල්, වෙනත් ලියවිලි සහ පිංතූර වැනි ගොනු අන්තර්ජාල පහසුකම සහිත ඕනෑම e Print පහසුකම සහිත HP මුද්‍රණ යන්ත්‍රයක් වෙත ඊ මේල් කිරීමෙන් පමණක් ව්‍යාපාරවලට සහ පාරිභෝගිකයින්ට සිය ලියවිලි කළමනාකරණය කර කාර්යක්ෂමව සහ සුරක්ෂිතව මුද්‍රණය කරගැනීමේ හැකියාව ලැබේ.

විද්‍යුත් තැපැල් ලිපිනයක් පමණකින් Smart Phone, ලැප්ටොප් සහ iPad වැනි ඕනෑම ජංගම උපකරණයක් සමඟින් e Print තාක්ෂණය භාවිතා කළ හැකි බව HP කලාපීය කළමනාකරු (ශ්‍රී ලංකා සහ මාලදිවයින) ෂමාල් ද සිල්වා මහතා කියයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]