කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
HDFC තිළිණ තරු ජයග්‍රාහකයන්ට තිළිණ

HDFC තිළිණ තරු ජයග්‍රාහකයන්ට තිළිණ

HDFC  බැංකුවේ සභාපතිනිය සිරෝමි වික්‍රමසිංහ මහත්මිය අතින් ජාතික මට්ටමේ ප්‍රථම ස්ථානය ලැබූ දරුවකු තිළිණ ලබාගන්නා අයුරු.

HDFC  බැංකුව සංවිධාන කළ සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගයේ ජාතික මට්ටමේ ජයග්‍රාහකයින් සඳහා තිළිණ ප්‍රදානය කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී උත්සවාකාරයෙන් පැවැත්විණ.

HDFC  බැංකුව අධ්‍යාපන අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් මෙම පාසල් චිත්‍ර තරගාවලිය සංවිධාන කරන ලදී. බැංකුව විසින් ක්‍රියාත්මක කරන සමාජ සත්කාර වැඩසටහන් අතරින් මෙම තිළිණ තරු දීපව්‍යාප්ත ළමා චිත්‍ර තරගය සුවිශේෂ ස්ථානයක් ගනී. මෙම වැඩසටහන පසුගිය වසරේ පළමු වරට පැවැති අතර එහිදී ලැබූ සාර්ථකත්වය නිසාම මෙය වාර්ෂික වැඩසටහනක් ලෙස සංවිධානය කිරීමට බැංකුව තීරණය කරන ලදී.

 දිවයිනේ සියලු පළාත්වලින් පෙර පාසල් වයසේ සිට 11 වසර දක්වා සිසුන්ට නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබුණි. චිත්‍ර නිර්මාණ 16,000කට අධික සංඛ්‍යාවක් මේ සඳහා ඉදරිපත්ව තිබූ අතර උතුරු හා නැඟෙනහිර පළාත්වල පාසල් දරුවන්ගේ ඉතා ඉහළ සහභාගිත්වයක් තිබීම මෙවර කැපී පෙනිණි.


 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]