![]() ![]() |
||
තරුණ පරිගණක විද්‍යාඥයන්ගේ තරගාවලියේ ජයග්‍රාහකයන්ට සම්මාන
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “තරුණ පරිගණක විද්‍යාඥයන්ගේ තරගාවලියේ” ජයග්‍රාහකයන්ට සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය කොළඹදී පසුගියදා පැවැත්විණි. ෆිටීස් ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පරිගණක සමාජය, ශ්‍රී ලංකා මෘදුකාංග සංගමය සමඟ එක්ව මෙම තරගාවලිය සංවිධානය කර තිබුණේ නව වැනි වරටයි. අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ අතර ශ්‍රී ලංකා කොරියානු තානාපති ආචාර්ය චෝයි කිචල්, ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක, ෆිටීස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි දමිත් හෙට්ටිහේවා, විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය උපාලි සේදර, අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ නීල් ගුණදාස, ෆිටීස් ආයතනයේ ලේකම් උදය සිල්වා, උප සභාපති එස්. වැලිහින්ද, තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ වැඩසටහන් ප්‍රධාන ෆයාස් හුදාස් යන මහතහත්වරු ද සහභාගි වූහ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |