කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි
 

ෆැෂන් බග් ආයතනයේ සාමාන්‍යාධිකාරි සරෝජ් ළමාහේවා, හමීඩියා සමූහ ව්‍යාපාරයේ සමූහ සන්නාම කළමනාකාර ලෙරෝයි ඊබට්, DSI සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ලාල් නුගේලියද්ද, ඩයලොග් ස්ටාර් පොයින්ට්ස් සම්මාන දිනාගැනීමෙන් පසු.

ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රසාද දීමනා සැලැස්ම වන ඩයලොග් Star Points  සම්මාන උළෙල පසුගියදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වුණු අතර දිවයිනේ ප්‍රමුඛතම ව්‍යාපාරික ආයතන රැසක් එහිදී සම්මානයෙන් පිදුම් ලැබුවේය.

Star Points වැඩසටහනෙහි සාර්ථකත්වයට දායකත්වයක් ලබාදෙන හවුල්කාර වෙළෙඳ ආයතන සහ එම වෙළෙඳ ආයතනයන්හි අයකැමිවරුන් ඇගයීමට ලක්කිරීම Star Points සම්මාන උළෙලෙහි අරමුණ වේ.

සම්මාන ප්‍රදානය තනි වෙළෙඳ ආයතන සහ සමූහ වෙළෙඳ ආයතන යනුවෙන් අංශ දෙකක් යටතේ සිදු කෙරුණි.

සමූහ වෙළෙඳ ආයතන අංශයෙන් ෆැෂන් බග්, හමීඩියා ඩීඑස්අයි පිළිවෙළින් රන්, රිදී, ලෝකඩ සම්මාන දිනූ අතර, තනි වෙළෙඳ ආයතන අංශයෙන් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්, ගාල්ල සවින්දි ට්‍රේඩ් සෙන්ටර්, ආලන්කුලම හෝල්ඩින්ග්ස් පිළිවෙළින් රන්, රිදී, ලෝකඩ සම්මාන දිනුවේය.

වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සිදු කළ ආයතන ලෙස ෆැෂන් බග් (සමූහ වෙළෙඳ අංශය) සහ ස්පොන්ජ් පේස්ට්‍රී ෂොප් (තනි වෙළෙඳ අංශය) සම්මාන ලැබීය.

වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සිදු කළ අයකැමි ලෙස ෆැෂන් බග් ද, සමූහ වෙළෙඳ, ස්පොන්ජ් පේස්ට්‍රි ෂොප් (තනි වෙළෙඳ) සම්මාන දිනා ගත්තේය.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]