|
||
සද්දන්තයකුගේ නික්ම යෑමඔහුගේ නික්මයෑම කෙතරම් හිඩසක් ඇති කළේදැයි කියලා දැනුණේ රැහේ එවුන්ට විතරයි. අනේ අපේ එකා, ආයිත් ඉතින් කවදා දකින්නද? හිතාගන්න බෑ, මොනවා වුණාද කියලා. මොන දේ වුණත් අමතක කරලා දාන්න බෑ. එහෙම තමයි යාළුකම් කියන්නෙ, දෙපාවා නොදන්නවට අපි ළඟ තියෙන ගුණදම්, අපිට කරන්න දෙයක් නෑ. එක රැයින්, එක මොහොතින් අමතක කරලා දාන දෙපාවලාගේ මනුස්සකම් ගැන කතා කරලා වැඩක්ම නෑ. ජීවිතේ කියන්නෙ ඊට වඩා වෙනස් දෙයක්. ඒ හින්දා තමයි. අපිට එයා අමතක කරන්න බැරි වුණේ. සියඹලන්ගමුවේ යාළුවාට අවසන් ගෞරව දක්වන්න රංචු පිටින්ම අපි සොහොන ළඟට ගියා. කොළ අත්තක් කඩලා, එයාගෙ වල උඩින් තැබුවා. මේ ආත්මේ නෙවෙයි, මතු ආත්මවලදිත් ඔයා අපේ යාළුවකු වෙන්න. අපේ පැමිණීමට දෙපාවො කලබල වෙලා බව කියලා තිබුණෙ. දෙසැම්බර් 1 වෙනිදා ‘දිවයින’, ඒත් අපි කොහොම අපේ යාළුවා අමතක කරන්නද? දෙපාවන්ගේ වගේ අපේ හිත් කෲර නෑ.
අත් නොහරින හිතවත්කමගං වතුර ගලලා, දෙගොඩ තලා ගිහිල්ලා, පාරට බහින්න තියා හිතාගන්නවත් බෑ, මොනවා කරන්නද? අවසන් ගමනේදී නම් පිටුපාන්න බෑ. ගංවතුරේම අවසන් ගමන් යන ඔහු සමඟ සියලු හිතමිතුරන් හිටිය බව කිවුවේ 30 වෙනිදා ලක්බිම සමීප ඡායාරූපයක් සමගින්. ගම්බිම් යටකරගෙන දෙගොඩ තලා ගිය ජල කඳ මැදින් අත් නොහරින අපේකම ඉස්මතු වුණා. ජීවත් වෙන කොට මොන ප්‍රශ්න තිබුණත්, ඒ හැම දෙයක්ම, අමතක කරලා ආදරණීය සහෘදයාගේ නික්මයාම වෙනුවෙන් එක්වුණා. අවසන් මොහොතෙදි නැති යාළුකම් මොකටද? කාටත් මේ ගමන යන්න වෙන බව සමහරුන්ට අමතකවීම පුදුමයක්. තේ මල් පූජාවමේ අපූරු පූජාව ගැන ලිව්වේ, දෙසැම්බර් 1 වෙනිදා ලංකාදීපය, බුදු සමිඳු පිදීමට ඔබ නොයෙක් මල්ගෙන ගියත්, මේ අය නම් ගෙන ගියේ ;ත්මල්. තේමල් වට්ටි ගණන් බුදු සමිඳු පාමුල තැබුවා. මොකක්ද මේ වෙනස. මොකක්ද? හැමෝගෙම හිතේ කුතුහලයක්. ජේම්ස් ටේලර්ගේ එකසිය විසිපස් වෙනි ජන්ම දිනය සමරා තමයි මේ අපූරු පිංකම සිදුවුණේ. මෙන්න ඉතින් වෙනස් විදිහට පිං කරනවා නම් ඔබටත් අවස්ථාවක්. හැබැයි ඉතින් කොයි විදිහට කළත් පින පිනමයි. ඒකේ ප්‍රතිඵලත් එහෙම තමයි. විවිධ ආකාරයේ පින්කම් කරන එක උතුම් දෙයක්, පින් නොකරන අයට ආදර්ශයක්.
දරා ගන්න බැරි දරු සෙනෙහසකවුද හිතුවෙ මෙහෙම දෙයක් වෙයි කියලා. අපේ කොල්ලා අපිට වටිනවා. ඒක හින්දා තමයි ගෙවල් දොරවල් පවා උකස් කරලා බෙහෙත් කෙළේ. ඒත්... දෙවියනේ, කවුද මෙහෙම දෙයක් වේවි කියලා හිතුවේ, දරාගන්න බැරි දරු සෙනෙහස ගැන ලිව්වේ, නොවැම්බර් 30 වෙනිදා දිනමිණ. කෙනෙක් උපන්නොත් මැරෙනවා. ඒක ඇත්ත. ඒත් ඉතින් මෙච්චර ඉක්මණට අපේ පුතා අපිව දාලා යයි කියලා කවුද හිතුවේ. ජීවිතේ කියන්නෙ මේකටද? වෙලාව අවේලාව නොබලා යන්න වෙන මරණය, කා කොටාගෙන ජීවත්වෙන ජීවිතය, මේ හැම දෙයක් මිනිසුන්ට පැටලිලා. මොනවා කරන්නද? ලෝ දහම එහෙම තමයි.
දරු සම්පතද? රුපියල් සතද?දරුවෙක් කියන්නෙ වාසනාවක්. සමහරු දරුවන් නැතුව පෙරුම් පුරනවා. ඒත් තවත් අය... ඒ ගැන නම් ලියලා වැඩක් නැහැ. ඒ තරම්ම ශෝචනීයයි. තමන්ගේ සම්පත රැකගන්න තමන් උනන්දු වෙන්න එපායැ. ඒත් මේ අම්මලා ලැබුණු කිරි දරුවෝ පාරේ දාලා යනවා. ඒ විතරක් නම් මදෑ රුපියල් සතවලට අලෙවි කරනවා. එහෙම සිද්ධියක සුලමුල අපිට කිව්වේ දෙවෙනිදා දිනමිණ. තවම දින හතරක්වත් නැති, හයක් හතරක් නොතේරෙන ඒ කිරි දරුවා රුපියල් දොළොස් දාහකට අලෙවි වීමට තීන්දු වුණා. ඒත් මේ හැම දෙයකටම විනිශ්චය දෙන දේව හස්තය දරුවාගේ ජීවිතේ බේරුවේ මේ හැම දෙයක්ම නීතියේ රැැහැනට හසුකර දෙමින්. හොඳ නරක. මේ හැම දේකටම ප්‍රතිඵලයක් තියෙනවා. අන්තිම මොහොතෙදී හරි දෙවියන් පිළිතුරු දෙනවා.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |