කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
11 වැනිදා සිට උඩරටට නව දුම්රිය සේවාවක්

11 වැනිදා සිට උඩරටට නව දුම්රිය සේවාවක්

පාසල් නිවාඩුවත් සමඟ උඩරට දුම්රිය ගමන් සඳහා වන අධික ඉල්ලුම සපුරාලනු පිණිස කොළඹ කොටුව සහ බණ්ඩාරවෙල අතර නව නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියක් 11 වැනිදා සිට ධාවනයට යොදවන බව දුම්රිය වාණිජ අධිකාරී පී. ඩබ්ලිව්. එස්. සිසිර කුමාර මහතා පවසයි.

මෙම විශේෂ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය මෙම මස 11 සිට 31 දක්වා ඔත්තේ දිනවල කොළඹ කොටුවේ සිට පෙරවරු 8.35 ට බණ්ඩාරවෙල දක්වාත් 12, 14, 16, 18, 20, 22, 24, 26, 28, 30 දිනවල බණ්ඩාරවෙල සිට පෙරවරු 6.40 ට කොළඹ කොටුව දක්වාත් ධාවනය කෙරේ.

ගම්පොළ දක්වා රුපියල් 220 ක් නානුඔය දක්වා රුපියල් 380 ක් හා බණ්ඩාරවෙල දක්වා රුපියල් 450 ක් ලෙස දෙවෙනි පන්තියේ ආසන සඳහා ගාස්තු අය කෙරෙන අතර ගමන් ගන්නා දිනට දින 10 කට පෙර සිට ආසන වෙන් කළ හැකිය. දුම්රිය නවත්වන්නේ පේරාදෙණිය, ගම්පොළ, නාවලපිටිය, හැටන්, තලවකැලේ, නානුඔය, අඹේවෙල, ඔහිය, හපුතලේ, දියතලාව, පමණක් බව ද දුම්රිය වාණිජ අධිකාරිවරයා පවසයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]