කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
නාවික හමුදාවේ 60 වැනි සංවත්සරයට රටවල් 7 ක නාවික හමුදාපතිවරු එති

නාවික හමුදාවේ 60 වැනි සංවත්සරයට රටවල් 7 ක නාවික හමුදාපතිවරු එති

මේ මස 4 සිට 12 දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 60 වැනි සංවත්සර උළෙලට සහභාගීවීම සඳහා විදේශීය නාවික හමුදාපතිවරුන් හත් දෙනකු පැමිණෙන බව ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා සිළුමිණට පැවසීය.

ඇමෙරිකාව ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, මැලේසියාව සහ පකිස්තානයේ නාවික හමුදාපතිවරුන් හා ලෝකයේ රටවල් ගණනාවක් නියෝජනය කරන විදේශීය නාවික නිලධාරින් හා නාවික විශේෂඥයින් සහභාගි වන නාවික සාමුද්‍රීය සම්මන්ත්‍රණය 8 දා උදෑසන  නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වේ.

දෙසැම්බර් 4 දා සිට 12 දක්වා උදේ 10.30 සිට රාත්‍රි 10.30 දක්වා (7 හා 8 හැර) කොටුව ප්‍රදීපාගාර පරිශ්‍රයේදී නාවික හා සමුද්‍රීය ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇත. දෙසැම්බර් 9 දා උදෑසන එහිදි ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සියලුම නාවික යාත්‍රා බළගණයන්හි ආචාරය පිළිගැනීමට නියමිත බවද නාවික හමුදාපතිවරයා පැවසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]