කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
කොළඹ අඩු ආදායම්ලාභීන්ට නව නිවාස 30,000 ක්

කොළඹ අඩු ආදායම්ලාභීන්ට නව නිවාස 30,000 ක්

කොළඹ නගරයේ අඩු ආදායම් ලාභී පවුල් 30,000 ක් නව නිවාස සංකීර්ණයන් තනා පදිංචි කරවීමට කටයුතු යොදා ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මේ යටතේ දෙමටගොඩ දුම්රිය ස්ථානය අසල සියලු පහසුකම් සහිත මහල් සංකීර්ණයක පවුල් 320 ක් පදිංචි කර ඇති බවත් තවත් පවුල් 680 ක් මෙසේ පදිංචි කිරීමට ළඟදීම කටයුතු යොදන බවත් ඒ මහතා පවසයි.

මීට අමතරව සාලමුල්ලේ පවුල් 3128 ක් පදිංචි කරවිය හැකි විශාල නිවාස සංකීර්ණයක් ද ඉදි කිරීමට කටයුතු යොදා තිබෙන බව ද රාජපක්ෂ මහතා කීවේය.

කොළඹ නගරය ජලයෙන් යටවීම අධික කුණු කඳු ගොඩගැසීම, වසංගත රෝග ආදිය පැතිරීමට මෙම අඩු ආදායම් ලාභීන් ගේ ජීවන රටාව හේතුවක් වී ඇතැයි ද ඒ මහතා පෙන්වා දෙයි. බොහෝ අඩු ආදායම් ලාභීන් පැල්පත්වල ජීවත්වන අතර ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් මෙන් ම සනීපාරක්ෂක පහසුකම් ද අවම මට්ටමක පවතී. එම අඩු ආදායම් ලාභීන්ගෙන් බහුතරය අනවසර පදිංචිකරුවන් වන අතර ඉදිකිරීම් ද කිසිදු අනුමැතියකින් ප්‍රමිතියකින් තොරව කර තිබෙන හෙයින් නගරයට විශාල ගැටලු රැසක් ඇතිව තිබෙන අතර කිසිදු පවුලකට හිසට සෙවණක් අත් නොවන තත්ත්වයක් නව ක්‍රියාමාර්ගය නිසා උදා නොවනු ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]