![]() ![]() |
||
ජනපතිට මහජන හරසරමහජනතාවගේ උණුසුම් හරසර මධ්‍යයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉකුත් සිකුරාදා මවුබිමට සැපත් විය. ජනාධිපතිතුමා පිළිගැනීමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට හා මඟ දෙපස මහජනතාව දස දහස් ගණනින් රැස්ව සිටියහ. ජනාධිපතිතුමාට හා රජයට සහාය පළ කරමින් උද්යෝග පාඨ කී ජනතාව කොටි ත්‍රස්තවාදයට හා ඔවුන්ට ආධාර උපකාර කරන දෙස් විදෙස් බලවේග හා පුද්ගලයන්ට එරෙහිව දැඩි විරෝධය පළ කළෝය. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ආරාධනයක් මත දේශනයක් පැවැත්වීමට ගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එල්ල වූ කොටි විරෝධය පිළිබඳව දැඩි පිළිකුළ ප්‍රකාශ කළ ජනතාව එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ හා රටට එරෙහි බලවේගවලට එරෙහිව සටන් පාඨ කීහ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පිළිගැනීමට මහ සඟරුවන, ආගමික නායකයෝ, මැති ඇමැතිවරු, උසස් නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. අයහපත් කාලගුණය පවා නොතකමින් මහජනතාව මඟ දෙපස රැස්වී ජනාධිපතිතුමාට ගෞරවාචාර පළ කිරීමට ගත් උනන්දුව කැපී පෙනිණ. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |