කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
කොටි හිතවාදීනට එරෙහිව එතෙර මෙතෙර ජනතා විරෝධය

එංගලන්තයේදී ජනපතිට බාධා කළ

කොටි හිතවාදීනට එරෙහිව එතෙර මෙතෙර ජනතා විරෝධය

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ ආරාධනයක් පරිදි දේශනයක් පැවැත්වීමට ගිය අවස්ථාවේදී කොටි ත්‍රස්තවාදීන් විසින් කරන ලද බාධා කිරීම් සම්බන්ධයෙන් එතෙර හා මෙතෙර මහජනතාව දැඩි විරෝධය පළ කරති.

කොටි ත්‍රස්තවාදීන් ලන්ඩනයේ විරෝධතා පළ කළ දිනයට පසුදා එම ස්ථානයට රැස්වූ ශ්‍රී ලාංකිකයන් කොටින්ගේ තර්ජනය කිරීම් හෙළා දකිමින් විරෝධය පළ කළහ.

මේ අතර එංගලන්තයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කොටි ත්‍රස්තවාදීන් කළ බාධා කිරීම්වලට එරෙහිව විරෝධය පළ කරන මහජන උද්ඝෝෂණ ගණනාවක් ඉකුත් සිකුරාදා පැවැති අතර මහසඟරුවන, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්, වෘත්තීය සමිති නියෝජිතයින් ශිෂ්‍ය හා තරුණ සංවිධාන නියෝජිතයින් ද වෘත්තිකයන් ද ඇතුළු දේශපාලන ක්‍රියාකාරීහු දස දහස් ගණනින් එම විරෝධතාවන්ට එක්ව සිටියහ.

ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැති අතර ඒ සමඟම කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මවුලානා මහතාගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා මහජන සහභාගීත්වයෙන් යෝධ උද්ඝෝෂණයක් පැවැත්විණ. මීට සමාන්තරව රටේ බොහෝ ප්‍රදේශවල ජනතාව වීදිවලට එක්ව කොටි ත්‍රස්තවාදීන්ට හා ඔවුන්ට ආධාර උපකාර කරන කොටි රූකඩයන්ට එරෙහි දැඩි විරෝධය පළ කළහ. මේ අවස්ථාවේදී සමස්ත මහජනතාව එක්හඬින් ජනාධිපතිතුමා සහ රජය සමඟ සිටින බවත් යළි කිසි දිනෙක කොටි ත්‍රස්තවාදීන්ට හිස එසවීමට ඉඩ නොතබන බවත් මේ විරෝධතාවලට එක්වූ මහජනතාව එක් හ¼ඩින් ප්‍රකාශ කළහ. එක්සත් ජාතික පක්ෂයේ හා ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය බලවත් ලෙස හෙළා දකින සටන් පාඨ හඬ නඟා කී මහජනතාව මවුබිමට ද්‍රෝහීවීම කිසිදා සමාව දිය නොහැකි වරදක් බවත් පෙන්වා දුන්හ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]